අනස් ඉබ්නු මාලික් සිරියාවට පැමිණියේය. ඔහුගේ බලයේ මහිමය හා ඔහුගේ දැනුමේ විශාලත්වය හේතුවෙන් ජනයා ඔහු මුණ ගැසෙන්නට පැමිණියෝය. මුස්ලිම්හි වාර්තාව අනුව සඳහන්ව ඇත්තේ සිරියාවට පැමිණියේය යන්නයි. නමුත් එහි අර්ථය. සිරියාවට පැමිණ නැවත හැරී යන අතරවාරයේ අපි ඔහුව මුණ ගැසුණෙමු යන්නය. හේතුව ඔවුහු ඔහු හමුවීමට බසරාවෙන් පිටත් වූයේ ඔහු සිරියාවෙන් පැමිණි අවස්ථාවේදීය. ඔවුන් එතුමාගේ ගමන ගැන දැන සිටි නිසා එතුමා නැවත හැරීයාම යන ප්රකාශය සඳහන් කොට නැත. වාර්තාකරු මෙසේ සඳහන් කරයි. -ඔහුද එසේ හමුවීමට පැමිණි අයගෙන් කෙනෙකි.- සැබැවින්ම එතුමා බූරුවා මත සිට සලාතය ඉටු කරනු දැක ඇත. එවිට එතුමාගේ වමතින් කිබ්ලාව පත් කර ගත්හ. එවිට ඒ ගැන ඔහු එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: සැබැවින්ම නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් මෙසේ කරනු තමන් දැක ඇති බවත්. එසේ එතුමා සිදු කරනු තමන් දැක නැතිනම් කිසිවිටෙක එසේ නොකරන බවත් ඔවුනට දන්වා සිටියහ.