අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. යමනයේ වැසියන් පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-: සැබැවින්ම ඔබ වෙත යමන් වාසීහු පැමිණ ඇත්තේය යැයි පැවසූහ. මොවුහු අත්වැල් බැඳගන්නට පැමිණි මුල් අය වූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සැබැවින්ම යමන් වාසීහු පැමිණ ඇතැයි යන ප්රකාශය ඔවුන්ගේ විෂයය පිළිබඳ විශේෂයෙන් දන්වා සිටීමකි. ඔවුන්ගේ මහිමය හෙළිදැක්වීමකි. අබූ මූසා අල් අෂ්අරීගේ ජනයා වූ අෂ්අරීවරුන් ඔවුන් අතුරින් වූහ. අහ්මද් ඉමාම් තුමාගේ මුස්නද් හි වාර්තා කළ හදීසයද (3/55) මෙය පෙන්වා දෙයි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් තුමා විසින් වාර්තා කරයි. හෙට දින ඔබ වෙත ඇතැම් කණ්ඩායම් පැමිණෙනු ඇත. ඔවුන් නුඹලා අතුරින් ඉස්ලාමය වෙත වඩාත් නැඹුරු වූ සිත් ඇත්තවුන්ය. අනස් තුමා මෙසේ පවසා සිටියේය: ඒ අනුව අෂ්අරීවරු පැමිණියහ. ඔවුන් අතර අබූ මූසා අල් අෂ්අරී තුමා ද විය. මදීනාවෙන් පිටත්ව මක්කාහ්වට ලඟා වෙත්ම මෙසේ පවසන්නට වූහ. හෙට දින අපි වඩාත් ප්රියතමයාණන් හමුවන්නෙමු. එය මුහම්මද් හා ඔහුගේ කණ්ඩායමයි. ඔවුන් පැමිණි කල්හි ඔවුන් අතිනත දුන්හ. අතිනත දීමේ පුරුද්ධ ආරම්භ කළ ප්රමුඛයෝ මොවූහු වූහ.

explain-icon

අමතර