නිය වශයෙන්ම උබෙයි තුමාට සූරා බය්යිනා පාරායන කර පෙන්වන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත අල්ලාහ් දන්වා සිටි බව මෙම හදීසයෙහි සඳහන්ව ඇත. එවිට උබෙයි -රළියල්ලාහු අන්හු- මෙය කෙසේනම් විය හැකි දැයි මවිතයට පත් විය. හේතුව යථාර්ථය වනුයේ භාග්ය ලත් පුද්ගලයා භාග්යවන්තයාට පාරායනා කිරීමය. භාග්යවන්තයා භාග්ය ලත් පුද්ගලයාට පාරායනය කිරීම නොවේ. අල්ලාහ් උබෙය් තුමාගේ නාමය විශේෂයෙන් සඳහන් කර ඇති බවට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඔහු තහවුරු කර ගත් කල්හි එතුමාගෙන් ස්ථීර කර ගත් කල්හි ඔහුගේ නාමය නම් කරමින් සඳහන් කර ඇති බැවින් සොම්නසින් හා සතුටින් අඩන්නට විය.