සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ කුඩා හෝ විශාල දෙයක් වුවද ඒවා අනුගමනය කිරීමෙහි ලා මිනිසුන් අතුර වඩාත් ආශාවක් දැක්වූවෝ වූහ. එතුමාගේ ජීවිතයේ එතුමා ඇවිද ගිය ආකාරය එතුමා වාඩිවූ ආකාරය එතුමා පය තැබූ ආකාරය වැනි එතුමා සිදු කළ බවට ඔවුන් දැනගත් සියල්ල අනුගමනය කරන තරමටම විය. මෙම හදීසය ඒ ගැන තරයේ ප්රකාශ කර සිටියි. අබූ බක්ර් හා උමර් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුණ ගැසුණ කාන්තාව මුණ ගැසෙන්නට ගිය කතා වස්තුව ප්රකාශ කරයි. ඔවුන් දෙදෙනා ඇයව හමුවූයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය මුණ ගැසුණු හේතුව මුල් කර ගනිමිනි. දෙදෙනාම ඇය අබියස සිටි විට ඇය අඬන්නට වූවාය. එවිට ඔවුන් දෙදෙනා: ඔබ මෙසේ අඬන්නට පත් කළේ කුමක්ද? අල්ලාහ් අබියස ඔහුගේ දූතයාණන්ට ඇති යහපත ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියහ. එවිට ඇය: සැබැවින්ම මම ඒ හේතුවෙන් නොඅඬමි. නමුත් මම අඬන්නේ වහී (දේව පණිවිඩ) නතර වූ හේතුවෙනි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිය ගිය කල්හි වහී නතර විය. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් පසුව වහී නැත. එතුමා මරණයට පත්වන්නට පෙර අල්ලාහ් එමගින් ඔහුගේ ආගම සම්පූර්ණ කළේය. අල්ලාහ් මෙසේ පවසා සිටියි. “අද දින මම නුඹලාට නුඹලාගේ දහම සම්පූර්ණ කළෙමි. තවද මාගේ ආශිර්වාදයන් මම නුඹලාට පූර්ණව දායාද කළෙමි. තවද දහමක් ලෙසින් මම නුඹලාට ඉස්ලාමය පිළිගත්තෙමි.“ (මාඉදා:3) එය, දෙදෙනා අඬන්නට පත් කළේය. හේතුව ඔවුන් දෙදෙනාට අමතක වී තිබූ දෙයක් ඇය ඔවුන් දෙදෙනාට මතක් කර සිටි බැවිනි.