ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මාගේ පියාණන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. ඔහු (සතුරන් විසින්) විකෘති කරනු ලැබී තිබිණ. පසුව මා ඉදිරියේ තබන ලදී. ඔහුගේ මුහුණ වසන්නට ගියෙමි. එවිට මාගේ පිරිස මා වැළැක්වූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දෙමින්ම සිටිති.“ යැයි පැවසුහ. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

ජාබිර් තුමාගේ පියාණන් වූ අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු හරාම් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. එය බද්ර් දිනයේදීය. සතුරා විසින් මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ඔවුන්ගේ ශරීර විකෘති කොට තිබිණ. එවිට ඔහු ඉදිරියේ දේහය තබන ලදී. සතුරා විසින් විකෘති කරනු ලැබූ එහි මුහුණ ආවරණය කිරීමට ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා සිතුවේය. නමුත් එතුමාගේ ජනයා එතුමාව වැළැක්වූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මෙසේ පවසා සිටියහ: ඔහුට ගරු කිරීමක් වශයෙන් උපකාර කිරීමක් වශයෙන් මලක්වරු තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දෙමින්ම සිටිති.

explain-icon

අමතර