නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිරිසක් එවූහ. ඔවුනට නායකයා වශයෙන් උබූ උබෙය්දා තුමා පත් කළහ. කුරෙය්ෂ්වරු සඳහා ධාන්ය හා ආහාර ගෙන යන පිරිසක් හසු කරනු පිණිස ඔවුන් වෙත ප්රධානියා වශයෙන් එතුමාව පත් කොට යැවූහ. රට ඉඳි සහිත හම් මල්ලක් ඔවුනට එතුමා පිරිනැමූහ. ඔවුන්ගේ ප්රධානියා ඔවුන් සෑම කෙනෙකුටම රට ඉඳියක් බැගින් දුන්හ. එය ඔවුන් සමග ගෙන ගිය මලුවල ආහාර හිඟය හේතුවෙනි. එවිට ඔවුහු එය උරා ඒ සමග ජලය පානය කරන්නන්ට වූහ. එමෙන්ම ඔවුන්ගේ කෝටුවලින් ඔටුවන් ආහාරය සඳහා ගන්නා ගසක කොළ කඩා පසුව එහි රළු ගතිය ඉවත් කරනු පිණිස ජලයෙන් තෙමා ආහාරයට ගත්තෝය. ඔවුන් මුහුදු වෙරළට සේන්දු වූ කල්හි වැලි ගොඩක් මෙන් යමක් දුටුවෝය. පසුව ඔවුහු ඒ වෙත පැමිණියෝය. අල් අන්බර් නම් විශාල මත්සයෙක් එහි විය. ඔවුන්ගේ ප්රධානියා වූ අබූ උබය්දා එය මිය ගිය සතෙකු බැවින් ඔවුන් අනුභව කිරීමෙන් වැළැක්වූහ. අල් කුර්ආනයේ සඳහන් පරිදි මිය ගිය සතුන් ආහාරයට ගැනීම තහනම්ය. පසුව එතුමාගේ ඉජ්තිහාදය වෙනස් විය එයින් අනුභව කිරීමට ඔවුනට අනුමැතිය දුන්හ. හේතුව වැළැක්විය නොහැකි අවස්ථාවලදී මිය ගිය සතුන් ආහාරයට ගැනීමේ අවසරය ඇති බැවිනි. විශේෂයෙන්ම ඔවුන් සිටියේ අල්ලාහ්ට අවනත වූ ගමනකය. මුහුදේ මිය ගිය සතුන් අනුමතය යන්න ඔවුනට සැඟවී තිබිණ.පසුව ඔවුන් නොවැළැක්විය හැකි කාරණාව මත යන නිගමනයට පැමිණියහ. ඒ අනුව ඔවුහු එයින් අනුභව කළෝය. ඔවුන් එයින් කොටසක් පටවා ගෙන ගියෝය. ඔවුන් මදීනාවට පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියෝය. ඔවුන්ගේ ක්රියාව පිළිගෙන එතුමා එයින් අනුභව කළහ.