නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවේ සිටිය දී ෆත්හ් ජයග්‍රහණය ලැබූ වසරේ කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ජාබීර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළේය. සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත. යැයි එතුමාණන් පවසා සිටි විට "අල්ලාහ්ගේ දූතයාණනි! මිය ගිය සතුන්ගේ මේදය අනුමත ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් ඔවුන්ගේ පහන් දල්වති." යැයි පවසන ලදී. එවිට එතුමාණෝ 'නැත, එය විකිණීම තහනම් ය' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. අල්ලාහ් යුදෙව්වන්ට ශාප කර ඔවුන් විනාශ කර දැමිය. සතුන්ගේ මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් අනුභව කළෝය.