අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේද ඔහුට මේ මේ කුසල් හිමිවනු ඇත. තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට පළමුවෙන් ලැබුණු කුසල් වලට වඩා අඩුවෙන් මේ කුසල් හිමිවනු ඇත.තවද ඔහු තුන්වන පහරින් මරා දැමුවේ නම් ඔහුට මේ කුසල් හිමිවනු ඇත.“ තවත් වාර්තාවක, “කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය.තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

කවරෙකු පළමු පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවන බවත්, තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඊට වඩා අඩුවෙන් ද, තුන්වන පහරින් ඌ මරා දමන්නේ ද ඊටත් වඩා අඩුවෙන් ඔහුට කුසල් හිමිවන බවත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටිමින් හූනන් මරා දමන්නට එතුමා දිරිගැන්වූහ. එහි කැමැත්ත ඇති කළහ.

explain-icon

අමතර