හෙට දින කයිබර් හි යුදෙව්වන්ට එරෙහිව මුස්ලිම්වරු ජය අත්පත් කර ගන්නා බවත්, එය ධජය පිරිනැමෙන පුද්ගලයාගේ අතින් සිදුවන්නක් බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ට දන්වා සිටියහ. එය ලාංඡනයක් ලෙස භට පිරිස් විසින් භාවිතා කරන කොඩිය වේ. එම පුද්ගලයාගේ ගුණාංග පිළිබඳ පවසා සිටිය දී, ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙකි. එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහුව ප්‍රිය කරන අයෙකි. එම මහඟු ගරුත්වය අපේක්ෂාවෙන් යුතුව, එම ධජය කවරෙකු වෙත පිරිනමනු ලබනු ඇත්දැ?යි වාද විවාද කරමින් සහාබාවරු ඔවුන්ගේ රාත්‍රිය ගත කළහ. අළුයම උදා වූ කල්හි, ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගියහ. එම ගරුත්වය තුළින් තමන් ජය ලැබීම ගැන ඔවුන් සැවොම අපේක්ෂා කළෝය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා පිළිබඳ විමසා සිටියහ. එවිට සැබැවින්ම එතුමා ඇස් අමාරුවෙන් පෙළෙන බව පවසන ලදී. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන් වෙත පිරිසක් යැවූ අතර එතුමාව කැටුවා ගෙන එන ලදී. පසුව එතුමාණෝ තම ගෞරවණීය කෙළ ගෙන අලී තුමාගේ දෑස් මත තවරා ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. පසුව ඔහුගේ රෝගීභාවය සුව අතට පත් විය. කිසිදු වේදනාවකින් නොපෙළුණු අයකු මෙන් ඔහු පත් විය. පසුව ධජය එතුමාට භාර දුන්හ. සතුරු බලකොටුව වෙත සමීප වන තෙක් සැහැල්ලුවෙන් ගමන් කරන මෙන් ද ඉස්ලාමය තුළට පිවිසෙන මෙන් ඔවුනට ඇරයුම් කරන මෙන් ද, ඔවුන් එසේ තමන්ට පිළිතුරු දුන්නේ නම්, ඔවුන් වෙත අනිවාර්යය වන යුතුකම් පිළිබඳ ඔවුනට දන්වා සිටින මෙන් ද එතුමාණෝ ඔහුට නියෝග කළහ. පසු ව අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මහිමය ගැන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අලී තුමාට පැහැදිළි කර සිටියහ. ඇරයුම් කරන්නා එක් මිනිසෙක් යහමග ලබන්නට හේතු වූයේ නම්, එය අරාබිවරුන්ගේ වටිනා සම්පතක් වූ රතු ඔටුවන් හිමි කර ගැනීමට හෝ එය දන් දීමට වඩා උතුම් බව දන්වා සිටියහ.