කීර්තිමත් සහාබිවරයකු වූ රිෆාආ -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙය අපට දන්වා ඇත. එනම්, ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ බද්ර් යුද්ධයේදී දිවි පිදූවන්ගේ තත්ත්වය කුමක්දැ?යි විමසා සිටියහ. සැබැවින්ම අල්ලාහ් තම නබිවරයාට හා ඔහු සමග සිටි දේව විශ්වාසවන්තයින්ට ඉමහත් ජයග්රහණයක් ලබා දුන්නේය. එවිට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් මෙසේ පවසා සිටියහ, අප අතර සිටින මුස්ලිම්වරුන්ගෙන් වඩාත් භාග්යමත්ම උදවිය මොවුහුය. එවිට ජිබ්රීල් තුමා එයට පිළිතුරු වශයෙන්: එපමණක් නොව ඔවුහු එහි සහභාගී වූ අතර මලක්වරුන් සමග එක්ව යුද වැදුණහ.යයි කීහ.