උමර් තුමා මුහාජිර්වරුන්ට 4000ක් පිරිනැමූහ. නමුත් මුහාජිර්වරුන් අතර සිට තම පුතණුවන්ට 3500ක් පිරිනැමූහ. හේතුව ඔහු වැඩිවියට පත් නොවූ කාලයේ එතුමා සමඟ ඔහු හිජ්රත් කළ බැවිනි.ඔහු වැඩිවියට පත් වූ අය සමග එකතු කිරීමට එතුමා අදහස් නොකළහ. එබැවින් තමන් විසින්ම හිජ්ර්ත් කළ අයට පිරිනමන දෑට වඩා අඩුවෙන් ඔහුට පිරිනැමීය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් පසුව උමර්-රළියල්ලාහු අන්හු- තුමා මෙන් පොදු ජනයාට අයත් සම්පත් විෂයයෙහි යුක්තිගරුකව තීන්දු දෙන, හික්මීමක් ඇති තැන්පත් බවින් යුත් කිසිවකු හඳුනාගත නොහැකි තරම්ය. මෙලෙස මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු වල කිසිවක් හෝ කිසිවකු විසින් භාරගෙන ඇත්නම් තමන්ගේ සමීපතයින්ට හෝ තම ධනය හේතුවෙන් ධනවතුන්ට හෝ තම දිළිඳුභාවය හේතුවෙන් දිළින්දුන්ට හෝ ප්රමුඛත්වයක් දිය යුතු නොවේ. සෑම කෙනෙකුගේම තත්ත්වය අනුව ඔහුද පහළට බැසිය යුතුයි. එය තැන්පත්භාවය හා යුක්තිය ඉටුකිරීමේ ලක්ෂණයකි.