ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදි. “අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අත්හැරිය විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ. ඊට හේතුව එතුමාණන් විත්ර් රකආත් එකොළහක් ඉටු කරන්නෙකු වූ අතර නින්ද හෝ වෙනත් යම් හේතුවක් මත විත්ර් ඉටු නොකරම රාත්රිය ගෙවී ගිය විට, එම සලාතය නැවතත් ඉටු කරන්නෙකු වූහ. නමුත් විත්ර් ඉටු කිරීමේ කාලය මගහැරුණු කල්හි එය රකආත් දෙක බැගින් ඉටු කිරීම ආගමානුගත කරන ලද්දක් විය.