මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී. එක් අයකු නැමදුම කරන්නෙකි, අනෙක් අය විද්වතකි. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ මේ දෙදෙනාගෙන් කවරෙකු ද? එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පවසා සිටියහ: තමන්ට අවශ්‍ය දැනුම දැනගෙන නැමදුම්වල නිරතවන නැමදුම්කරුවකුට වඩා ෂරීආ හෙවත් ආගමික දැනුම ලබා ඒ අනුව ක්‍රියා කරමින් එය අන් අයට උගන්වන විද්වතා සතු මහිමය. එය පහළ සිටින සහාබාවරුන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු මහිමය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඒ සඳහා වන හේතුව ද පැහැදිළි කළහ: එනම් සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ද, දේව රාජ්‍යය ඔසවා සිටින මලක්වරුන් ද ඔහුගේ සෙසු මලක්වරුන් ද අහස්හි හා පොළෝතලයන්හි සිටින මිනිසුන්, ජින්නුන් හා සතුන් ද එය කෙතරම් ද ගොඩබිමේ හා මුහුදේ වෙසෙන සතුන් ඇතුළත් වන පරිදි ගුහාවක සිටින කුහුබුවා හෝ (ජලයේ සිටින) මත්සයා හෝ වේවා ඔවුන් ද, යනාදී මේ සියලු දෙනා මිනිසුන්ගේ ගැලවුම හා ජයග්‍රහණය වෙත මග පෙන්වන ආගමික දැනුම උගන්වන ගුරුවරයාට ප්‍රාර්ථනා කරනු ඇත.