අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දැනුම සොයා පිටත් ව ගියේ ද ඔහු නැවත හැරී එන තුරු අල්ලාහ්ගේ මාර්ගයේ සිටියි.” හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හදීසයේ තේරුම: කවරෙකු තම නිවසින් හෝ තම දේශයෙන් හෝ ආගමික දැනුම සොයා පිටත්ව යන්නේ ද ඔහුගේ නිලය අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා පිටත්ව ගොස් නැවත ඔහුගේ පවුල වෙත පැමිණෙන පුද්ගලයකුගේ නිලයයි. සැබැවින්ම ඔහු ද දහම ජීවමාන කිරීම ෂෙය්තාන්ව අවමානයට පත් කිරීම හා තම ජීවිතය කැපකිරීම යනාදියෙහි මුජාහිද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නෙකු මෙන් වන බැවිණි.

explain-icon

හදීසයේ හරය

  • දැනුම සොයා යෑම අල්ලාහ්ගේ මාර්ගයේ සිදු කරන අරගලයකි.
  • දැනුම සොයන්නාට යුද පිටියේ දිවි පුදමින් සටන් කරන්නාගේ කුලිය හිමිය. ඊට හේතුව ඔවුන් සෑම කෙනෙකුම අල්ලාහ්ගේ පිළිවෙත ශක්තිමත් කිරීමට හා එහි නොමැති දෙයකින් එයට ඇතිවන හානියෙන් එය ආරක්ෂා කිරීමට ඔහුද ක්රියා කරන බැවිණි.
  • සැබැවින්ම කවරෙකු දැනුම සොයා පිටත්ව ගියේ ද ඔහු නැවත ඔහුගේ පවුල වෙත හැරී එන තෙක් ඔහු යන එන ගමනේ ඔහු තබන පියවරවල් හි කුසල් ඔහුට හිමිය.