මෙම හදීසයේ දැනුම සැගවීම ගැන දැඩි අවවාදයක් පැමිණ ඇත. අවශ්ය ආගමික කටයුතු සම්බන්ධයෙන් කෙනෙකුගෙන් විමසා ඒ ගැන පැහැදිලි කිරීම ඔහුගේ වගකීමක් වූ විටෙක, පිළිතුරු නොදී හෝ කුර්ආනයේ කරුණු වළක්වමින් හෝ එම දැනුම පැහැදිලි නොකළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලාහ් නිරයෙන් වූ නාස් පටියක් ගෙන ඔහුගේ කට තුළට දමා දඬුවම් කරනු ඇත. එය ඔහු කට පියාගෙන නිහඬව සිටීමට සරිලන දඬුවමක් වශයෙනි. ප්රතිවිපාකය අදාළ ක්රියාවෙන්ම පිහිටනු ඇත. මෙම හදීසයේ සඳහන් අවවාදය අදාළ වනුයේ සැබැවින්ම තමන්ගෙන් විමසන්නා ඔහු මඟ ලබන්නට විමසන බව දැන සිටින්නා හටය. නමුත් සැබැවින්ම ඔහු එසේ අසා සිටින්නේ ඉන් මග ලබන්නට නොව, පරීක්ෂණ කිරීමට යැයි දැන ඔහු ක්රියා කරන්නේ නම්, ප්රශ්න කරනු ලබන්නා පිළිතුරු දීම හෝ පිළිතුරු නොදීම අතර මතයක් තෝරා ගනියි. මෙම හදීසයේ සඳහන් අවවාදය ඔහුට අදාළ වන්නේ නැත.