මෙය අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ යටහත් පහත් බව පෙන්වා දෙන්නකි. එතුමා ජනයාට කුත්බා දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මිනිසෙකු පැමිණ, තම දහම පිළිබඳ දැනගන්නට ආගන්තුක මිනිසෙකු පැමිණ ඇති බව පවසා සිටියේය. එවිට ඔහු වෙතට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණියහ. ඔහුගේ කටයුත්ත අවසන් වන තෙක්ම එතුමාගේ කුත්බා දේශනයෙන් වෙන්ව සිටියහ. හේතුව තම දහම පිළිබඳ දැනගෙන ඒ අනුව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් එම පුද්ගලයා ආශාවෙන් හා දුෂ්කරත්වයෙන් යුතුව පැමිණි සිටි බැවිනි. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම කුත්බා දේශනාව විසන්ධි කොට ඔහු ඉදිරියට පැමිණ ඔහුට ඉගැන්වූහ. ඉන් පසුව එතුමාගේ කුත්බා දේශනාව සම්පූර්ණ කළහ.