නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කරන, ඔහුගේ නියෝගවලට අවනත වන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින ඔහුගේ ගැත්තෙකුට ආදරය කළ විට, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි:" 'සැබැවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කරයි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, මලක්වරුන්ගේ ප්‍රධානී ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ද ඔහුට ආදරය කරයි. පසුව අහස් වාසී මලක්වරුන් කැඳවා ඔවුන් අතර මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු ඔහුට ආදරය කරති. පසුව පොළොවේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර පිළිගැනීමට ඔහු ව ලක් කරනු ඇත. ඒ අනුව ඔවුහු ඔහුට ආදරය කරති. ඔහු වෙත නැඹුරු වෙති. එමෙන්ම ඔහු ගැන තෘප්තිමත් වෙති. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'සැබැවින්ම මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට වෛර කර ඇත. එබැවින් ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. පසුව පොළොවෙහි දේවත්වය විශ්වාස කරන අයගේ හදවත් තුළ ඔහුට වෛරය නියම වනු ඇත. ඔවුන් ඔහු සමග ක්‍රෝධ වෙති, ඔහුව පිළිකුල් කරති.