උත්තරීතර අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට පත් කර ඇත. මෙලොවට එක් කරුණාවක් පහළ කොට අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා රඳවා ගෙන ඇත. මිනිසුන්, ජින්නුන්, සතුන් හා කෘමීන් සියලු මැවීම් එකිනෙකාට සෙනෙහස පානුයේ එම කරුණාව තුළිනි. එය කෙතරම් ද යත් සැහැල්ලු හා සංචලනය වන අශ්වයා තම පැටවාට යම් හානියක් ඇති වනු ඇති බියෙන් උගේ කොර ඌට හිංසාවක් අති නොවන පරිදි වළක්වා ගන්නේ ද මෘග සතුන් උගේ පැටවාට කරුණාව පෙන්වන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා තම ගැත්තන්හට කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවය උත්තරීතර අල්ලාහ් ප්රමාද කර තබා ඇත. දෙවන හදීසය: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දින කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස හා පොළොව අතර පිරෙන තරම් විය. මෙලොවට එක් ගුණයක් පමණක් නියම කළේය. මව තම දරුවාට පෙන්වන ආදරයත් සිව්පාවුන් හා පක්ෂීන් උන් එකිනෙකා අනෙකාට පෙන්වන ආදරයත් ඒ හේතුවෙන් වූවකි. පසුව මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ලෝ වැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් සෙසු අනූ නවය තුළින් එය සම්පූර්ණ කරයි. කැළඹීම් මත ගොඩ නැගුණු මෙලොව නිවහනේ කීර්තිමත් අල්ලාහ්ගේ අතිමත් ආශිර්වාදයක් තුළින් මිනිසා යමක් ලබා ගන්නා විට එය ලබනුයේ ද එම එක් කරුණාව හේතුවෙනි. ප්රතිඵල පිරිනමනු ලබන සදාතනික නිවහන වන මතු ලොව නිවහනේ කරුණා ගුණ සියය ගැන කල්පනය කෙසේනම් පවතිනු ඇත්ද?