නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයේ ස්වරූපයෙන් කොටසක් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර සිටියි. එතුමා සලාතය සූදානම් වී ඒ සඳහා නැගී සිටින විට, ප්‍රාරම්භක තක්බීරය පවසයි. පසුව රුකූඋ වෙත විතැන් වන විටත් සුජූද් කරන විටත් සුජූදයෙන් තම හිස ඔසවන විටත් දෙවන සජදාව ඉටු කරන විටත් රකආත් තුනේ හෝ හතරේ සලාතයන්හි දෙවන රකආතයේ පළමු තෂහ්හුද් සඳහා වාඩි වීමෙන් පසු නැගිට සිටින විටත් තක්බීර් පවසයි. පසු ව සලාතය නිමා කරන තෙක් සියලු රකආත්වල දී මෙලෙස කටයුතු කරයි. එතුමා රුකූවෙන් තම පිට ඔසවා ගන්නා අවස්ථාවේ සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසයි. පසුව නැගිටිමින්ම 'රබ්බනා ලකල් හම්දු' යැයි පවසයි. පසුව අබූ හුරෙයිරා තුමා සලාතයෙන් හැරෙන අවස්ථාවේ මෙසේ පවසයි: 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි' යැයි පැවසීය.