අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න." صحيح - رواه مسلم
explain-icon

විවරණය

සලාතයේ සුජූද් ඉරියව්වෙහි දෙඅත් තිබිය යුතු ආකාරය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එනම් අත් දෙක පොළොවෙහි තරකර තබා, ඇඟිලි ද කිබ්ලා දෙසට දිගු හැර, වැළමිට - එනම් අත හා බාහුව සන්ධි වන ස්ථානය - භූමිය ස්පර්ශ නොවන සේ ඔසවා තබා ඇළපත් දෙකින් ඒ දෙක ඈත් කර තබා ගැනීම ය.

explain-icon

හදීසයේ හරය

  • තම අත් දෙක පොළව මත තැබීම සලාත් ඉටු කරන්නාට අනිවාර්යය වේ. සැබැවින්ම අත් දෙක සුජූද්හි අවයව හත අතරින් අවයව දෙකකි.
  • වැළමිට පොළොවෙන් ඔසවා තැබීම සතුටුදායක ක්‍රියාවකි. මෘග සතුන් උන්ගේ අත් පොළොවෙහි දිගා කර තබනවාක් මෙන් ඒ දෙක දිගාකර තබා ගැනීම පිළිකුල් සහගතය.
  • නැමදුම තුළ ප්‍රියමනාපය, උනන්දුව හා හැකියාව විදහා පෑම ආගමානුගත කළ කරුණකි.
  • සලාත් ඉටු කරන්නා සුජූදයට අදාළ සියලුම අවයවයන් නිසි අයුරින් තබන විට නැමදුමට අදාළ ඒ සෑම අවයවයකම අයිතිය ඔහු විසින් ඉටු කරනු ලබනු ඇත.