අබූ මූසා අල්-අෂ්අරී සමග සහාබිවරයකු සලාතයක් ඉටු කළේය. තෂහ්හුද් ඉඳුමෙහි ඔහු සිටිය දී ඔහු පසුපසින් සිට සලාත් ඉටු කරන්නන් අතරින් කෙනෙකු 'අල් කුර්ආනය තුළ උපකාරය හා සකාතය සමග සලාතය සම්බන්ධ කර ඇතැ'යි පවසා සිටියේය. අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා සලාතය අවසන් කළ කල්හි මඃමූම්වරුන් දෙසට හැරී 'අල් කුර්ආනය තුළ උපකාරය සහ සකාතය සමග සලාතය සම්බන්ධ කොට ඇතැයි පවසා සිටියේ ඔබ අතුරින් කවරෙක් දැ?'යි ඔවුන්ගෙන් විමසා සිටියේය. පිරිස නිහඩ විය. ඔවුන් අතරින් කිසිවකු හෝ කතා කළේ නැත. නැවත වාරයක් එම ප්‍රශ්නය ඔවුන්ගෙන් විමසා සිටියේය. කිසිවකු ඔහුට පිළිතුරු නොදුන් කල්හි, අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා, 'හිත්තාන් ඔබ වෙන්නැති මෙය පවසා සිටියේ?" යැයි විමසීය. ඊට හේතුව ඔහු තුළ තිබූ නිර්භීත කම සමීපකම හා සම්බන්ධකම සැලකිල්ලට ගනිමින් හා ඔහු ගැන සැක කිරීමේ හානියක් නොවන බැවින් හා සැබෑ ලෙස සිදු කළ පුද්ගලයා පිළිගැන්වීමට සැළැස්වීම පිණිසය. පසුව හිත්තාන් එය ප්‍රතික්ෂේප කළේය. 'සැබැවින්ම මම එය පැවසූ බවට ඔබ මට දොස් නගනු ඇතැයි මම බිය වී සිටියෙමි' යැයි පැවසීය. පසුව එහි සිටි පිරිස අතරින් මිනිසෙක් 'එය පවසා සිටියේ මම වෙමි. යහපත මිස වෙනත් කිසිවක් මම අපේක්ෂා නොකළෙමි.' යැයි කීය. එවිට අබූ මූසා ඔහුට උගන්වමින් මෙසේ පැවසීය: 'ඔබේ සලාතය තුළ පවසා සිටිය යුතු අයුරු ඔබ නොදන්නෙහු ද? එය ඒ ගැන පිළිකුල ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නයක් විය.' පසුව අබූ මූසා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක් වරක් ඔවුන්ට දේශනාවක් කළ බවත් එහි දී ඔවුන්ගේ පිළිවෙත් ඔවුනට පැහැදිළි කළ බවත් ඔවුන්ගේ සලාතය ඉගැන්වූ බවත් පවසා එතුමා කළ ප්‍රකාශය මෙසේ පවසා සිටියේය: නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ජනයාට මෙහයවීම සඳහා ඔවුන් අතරින් කෙනෙකු පෙනී සිටිය යුතුය. ඉමාම් අල්ලාහු අක්බර් යැයි ප්‍රාරම්භක තක්බීරය පවසන විට, නුඹලා ද ඒ අයුරින්ම තක්බීර් පවසන්න.* ඔහු සූරා අල් ෆාතිහා පාරායනය කර "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) යන පාඨයට ළඟා වූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. නුඹලා එලෙස කටයුතු කරන්නේ නම්, අල්ලාහ් නුඹලා ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි. නුඹලා ඔහු අබිබවා නොයා යුතුය. මක්නිසාද යත්, ඉමාම් පෙරට ගිය මොහොත, ඔහු නැඟී සිටීමෙන් පසු ඔබ ප්‍රමාද කළ එම මොහොත පිළිපැදීම ඔබට බල කෙරෙන බැවිනි. එම මොහොත ඒ අයුරින්ම විය යුතුය. නුඹලාගේ රුකූඋහි ප්‍රමාණය ඔහුගේ රුකූඋහි ප්‍රමාණය මෙන්ම විය යුතුය. ඉමාම් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. සලාත් ඉටු කරන්නන් එය පැවසූ විට, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ප්‍රාර්ථනාවට, ඔවුන්ගේ ප්‍රකාශයට සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් අල්ලාහ් දන්වා ඇත. පසුව ඉමාම් තක්බීර් පවසා සුජූද් කළ විට මඃමූම්වරුන් ද තක්බීර් පවසා සුජූද් කළ යුතුය. සැබැවින්ම ඉමාම් ඔවුනට පෙර සුජූද් කරයි. ඔවුනට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එම මොහොත ඒ මොහොත මෙන්ම පිහිටිය යුතුය. මඃමූම්ගේ සුජූද්හි ප්‍රමාණය ඉමාම්ගේ සුජූද් ප්‍රමාණය මෙන්ම විය යුතුය. තෂහ්හුද් සඳහා වාඩි වන විට සලාත් ඉටු කරන්නාගේ පළමු ප්‍රකාශය විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි" එනම් ආධිපත්‍යය, සදා පැවැත්ම හා සර්ව බලය යන සියල්ල උත්තරීතර අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම පස්වේල සලාතයන් සියල්ල ද අල්ලාහ් සතුය. "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" සියලු අඩුපාඩු, අනතුරු හා දුෂ්ටකම්වලින් නිදහස ලබන්නට අල්ලාහ්ගෙන් පතන්න. අපගේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විශේෂයෙන් සලාම් පවසමු. පසුව අප වෙනුවෙන් සලාම් පවසමු. පසුව තමන්ට පැවරුණු උත්තරීතර අල්ලාහ්ගේ වගකීම් හා ඔහුගේ ගැත්තන්ගේ වගකීම් ඉටු කරන දැහැමි ගැත්තන් හට සලාම් පවසමු. පසුව "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන ප්‍රකාශය පවසා සාක්ෂි දරමු.