උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ෂෙයිතාන් මා හා මාගේ සලාතය අතර බාධා කරයි. එහි පැවතිය යුතු භක්තිය මගෙන් වළක්වාලයි. මාගේ පාරායනය මට අවුල් කරයි. එහි සැකය ඇති කරයි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) ඔහුට: එය 'හිඃන්සබ් නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබ ඔහුව දකින්නේ නම් හෝ ඔබට ඔහුව දැනෙන්නේ නම්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. එමෙන්ම ඔහුගෙන් ආරක්ෂාව ද අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට හැරී සුළුවෙන් කෙළ පිට කර තුන් වරක් පිඹින්න යැයි පැවසූහ. උස්මාන් තුමා: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට අණ කළ පරිදි මම එය සිදු කළෙමි. එවිට අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය." යැයි පැවසීය.