අල්ලාහ්ගේ දූතයාණන් යොදා ගත් ධර්මාසනය කවර දෙයකින් නිර්මාණය කරනු ලැබුවේ දැයි මිනිසුන් පිරිසක් එක් සහාබිවරයකු වෙත පැමිණ විමසා සිටියෝය. ඒ සම්බන්ධයෙන් ඔවුහු එකිනෙකා වාද කළෝය. තර් ක කළෝය. පසුව සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වඩු සේවකයින් හිමි අන්සාරි කාන්තාවක් වෙත දූතයකු යවා ඇයට මෙසේ නියෝග කර සිටියහ. 'මිනිසුන් සමග මා කතා කරන විට, වාඩිවන්නට ධර්මාසනයක් මා වෙනුවෙන් නිර්මාණය කර දෙන්නැයි ඔබේ දරුවාට ඔබ කියන්නැ'යි පවසා සිටියේය. එවිට එම කාන්තාව එයට ප්‍රතිචාර දක්වා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අත්-තර්ෆා නම් ගසෙන් ධර්මාසනයක් තනා දෙන මෙන් නියෝග කළාය. ඔහු වැඩ අවසන් කළ කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත එව්වාය. පසුව ඒ මස්ජිදයේ නියමිත ස්ථානයේ තබන මෙන් නියෝග කළහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණන් ඒ මත සලාත් ඉටු කරන්නට වූහ. එතුමා ඒ මත සිට තක්බීර් පවසා ඒ මත සිටම රුකූඋ කළහ. පසුව පසුපස නොහැරී පසු පස්සට බැස ධර්මාසනය මුල සජදා ඉටු කොට නැවත නැග ගත්හ. සලාතය අවසන් වූ කල්හි මිනිසුන් ඉදිරියට හැරී, 'අහෝ ජනයිනි! සැබැවින්ම මා මෙය සිදු කළේ නුඹලා මා පිළිපදිනු පිණිස හා මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය' යැයි පවසා සිටියහ.