අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි." صحيح - رواه ابن حبان
explain-icon

විවරණය

මිනිසුන් අතර සොරකමෙහි වඩාත් කැතම සොරා වනුයේ සලාතයෙදී සොරකම් කරන තැනැත්තාය. හේතුව වෙනත් අයගෙන් සොරාගත් මුදල් නම්, ඇතැම් විට ඔහුට එය මෙලොවෙහි ප්‍රයෝජනවත් වන්නට පුළුවන. නමුත් මෙම සොරා ඊට වඩා වෙනස්ය. ඔහු සොකරම් කරන්නේ තමන්ගේම කුසල් හා ප්‍රතිඵල වේ. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ඔහුගේ සලාතය සොරකම් කරන්නේ කෙසේ ද?' යැයි විමසා සිටියෝය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි' යැයි පැවසූහ. එනම් රුකූඋ හා සුජූද් හි ඉක්මන් වීම හා ඒ දෙක පූර්ණවත් අයුරින් ඉටු නොකිරීමය.

explain-icon

හදීසයේ හරය

  • සලාතය අලංකාරව හා ඒවායෙහි මූලිකාංග පිළිපදිමින් තැන්පත්ව හා ශ්‍රද්ධාවෙන් යුතුව ඉටු කිරීමේ වැදගත්කම.
  • තම රුකූඋ හා තම සුජූදය පූර්ණවත්ව ඉටු නොකරන්නා එයින් බැහැර වන සොරෙකු බව විස්තර කර ඇත. එය තහනම් ක්‍රියාවක් බව ද අවධාරණය කර ඇත.
  • සලාතයේ රුකූඋ හා සුජූද් ඉරියව්වන් මෙන්ම ඒ දෙක අතර පවතින ඉඃතිදාල් ඉරියව්ව ද පූර්ණවත් කිරීම අනිවාර්යය වේ.