අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන්ට ඔහුට සමාව දෙනු ලබන්නේය.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත