අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ තමන්ට ඉගැන්වූ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටීය. එනම්: විවාහ දේශනය, ජුමුආ දේශනය හා එවැනි වෙනත් දේශන හා අවශ්‍යතා හමුවේ ප්‍රකාශය ආරම්භ කරන අවස්ථාවේ කියනු ලබන දෑය. සියලුම ප්‍රශංසා ලබන්නට සුදුස්සා අල්ලාහ් බව පැහැදිලි කිරීම, කිසිදු හවුල්කරුවකු නොමැති ඔහුගෙන් උදව් පැතීම, පාපකම් වසන් කරන මෙන් හා ඒවාට සමාව පැතීම, සිතෙහි හා වෙනත් දෑහි ඇතිවන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලබා ඔහු වෙත යොමු වීම යනාදී වැදගත් අර්ථ මත මෙම දේශනාව අන්තර්ගත වී ඇත. සැබැවින්ම මඟ පෙන්වීම අල්ලාහ් සතුය. එහෙයින් ඔහු කවරෙකුට යහමග පෙන්වූයේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. පසුව නැමදුමට සුදුස් අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවටත් කෙරෙන සාක්ෂියේ ප්‍රකාශ මෙනෙහි කළහ. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තියෙන් කටයුතු කිරීම, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම, කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද ඔහුගේ ප්‍රතිඵලය වශයෙන් ක්‍රියා හා ප්‍රකාශ විධිමත් වීම, එය නපුරුකම්වලට ප්‍රතිකර්මයක් වීම, පාපකම්වලට සමාව ලැබීම, මෙලොව යහපත් ජීවිතයක් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගය ලබා, ජය අත්පත් කර ගැනීම යනාදී කරුණු අන්තර්ගත වූ පාඨ තුනකින් මෙම දේශනය අවසන් කෙරෙයි.