මුස්ලිම්වරුන් අතර සිදුවන අර්බුද හා සටන් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් ඔබේ පියාගෙන් ඔබ අසා තිබේ දැ?යි කීර්තිමත් සහාබිවරයකු වන අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමාගේ පුතකු වන මුස්ලිම් තුමාගෙන් උස්මාන් ඉබ්නු ෂහ්හාම් සහා ෆර්කද් අස්-සබකී තුමා යන දෙපළ විමසා සිටියෝ ය. එවිට එතුමා: "ඔව්", යැයි පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශය මෙසේ දන්වා සිටියේය: එතුමාණන්ගේ මරණින් පසු අර්බුද ඇති වන බවත් මෙම අර්බුද ගැන තැකීමක් නොකර රැඳි සිටින්නා එහි ගමන් කරන්නාට වඩා උතුම් බවත් එය උතුම් යැයි නොසලකන ලෙසත් ඒ ගැන සොයා නොබලන ලෙසත් දන්වා සිටියේය. එමෙන්ම එහි ගමන් කරන්නකු වී නම්, ඒ ගැන සොයමින් එහි සහාබාගී වීමට හඹා යන්නාට වඩා ඔහු උතුම් බවත් දන්වා සිටියේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ මග පෙන්වූහ: "එම අර්බුධය කවරෙකුට ඔහුගේ කාලය තුළ පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, ඔහුට ආරක්ෂාවීමට ආරක්ෂිත ස්ථානයක් ඇත්නම් ඔහු ඒ වෙත යා යුතු වේ. ඒ අනුව කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා රැකබලා ගෙන ඌ සමග සිටිය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද එම එළුවා රැකබලා ගනිමින් ඌ සමග සිටිය යුතු වේ. කවරෙකුට භූමිභාගයක් සහ ගොවිබිමක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග රැඳී සිටිය යුතු වේ. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ ආරක්ෂාව ලබන්නට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන, එහි මුවහත ගලකින් දමා ගසා විනාශ කර, පළා ගොස් තමන්ව හා තම දරුවා ආරක්ෂා කිරීමට හැකිනම් එසේ ඔහු ආරක්ෂාව ලැබිය යුතු වේ." පසුව "අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? "අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?" යැයි තුන්වරක් පවසා ඒ සඳහා සාක්ෂි දරන මෙන් පැතූහ. එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණන්, "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔහු කවරෙකු ඝාතනය කළේ ද ඔහුගේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවසුහ.