සැබැවින්ම නායකයින් අප පාලනය කරනු ඇති බවත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රීයාවන් ආගමට අනුකූල බව අප දන්නා බවත් එයට පටහැනි ඇතැම් දෑ අප ප්‍රතික්ෂේප කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. නමුත් වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මත එය හදවතින් හෝ පිළිකුල් කළේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් හා කුහකකමින් නිදොස් විය. අතින් හෝ වචනයෙන් වැළැක්වීමට හැකියාව තිබී යමෙකු එය ඔවුන්ගෙන් වැළැක්වූයේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් මෙන්ම එයට හවුල් වීමෙන් වැළකෙනු ඇත. නමුත් කවරෙකු ඔවුන්ගේ ක්‍රියාව පිළිගෙන ඒ මත පිහිටා ඔවුන් අනුගමනය කළේ ද ඔවුන් විනාශ වී යන අයුරින්ම ඔහු ද විනාශ වී යනු ඇත. පසුව ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් "එවැන් ගුණාංග ඇති කටයුතු භාර උදවිය සමග අප සටන් කර, ඔවුන් එයින් වැළැක්විය යුතු නොවේ ද?"' යැයි විමසූහ. එවිට එතුමාණෝ: නැත. නුඹලා අතර ඔවුන් සලාත් ඉටු කරන තාක්කල්' යැයි පැවසූහ.