පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම පෙහොසත් හා දිළිඳු අවස්ථාවන්හි කටයුතු භාර අයගේ හා පාලකයින්ගේ නියෝග තමන්ට කැමති හෝ අකමැති වුව ද ඔවුනට අවනත වීම විෂයයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ගෙන් ප්‍රතිඥා ගත්හ. එය කෙතරම් දුරට ද යත්, පොදු අරමුදල්, නිලතල මෙන්ම වෙනත් දෑ භාරකරුවන් විසින් අවභාවිතා කළ ද, සැබැවින්ම යහපත් කටයුතුවලදී ඔවුනට සවන් දීම හා අවනත වීම අනිවාර්යය කර ඇත්තාහ. ඔවුනට එරෙහිව බැහැර නොවිය යුතුය. හේතුව ඔවුන් සමග සටන් කිරීමේදී ඇතිවන අර් බූදය හා කලහකාරිත්වය ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඇතිවන අර් බුද හා කලහකාරීත්වයට වඩා බරපතල වන බැවිනි. තමන් සමග ගිවිසගත් දෑ සම්බන්ධයෙන් අල්ලාහ් වෙනුවෙන් එහි දී අවංකයින් ලෙස සෑම තැනකම සත්‍යය පැවසීමට බැඳී ඇත. දොස් නගන්නන්ගේ දොසට ඔවුන් බිය වන්නේ නැත.