සුබෙයිර් ඉබ්නු අදී සහ ඔහු සමග තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සේවකයකු වූ අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ බනූ උමය්යා පාලකවරුන්ගෙන් එක් නායකයකු වූ හජ්ජාජ් ඉබ්නු යූසුෆ් අස්-සකෆීගෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඔහු වෙත පැමිණිලි කළෝය. ඔහු අපරාධ හා මිනී මැරුම් යනාදියෙන් ප්රසිද්ධියට පත් දරුණු දඩබ්බර දුෂ්ඨ අයකු විය. එවිට අනස් (රළියල්ලාහු අන්හු) තුමා කටයුතු භාර උදවියගේ අයුක්තිය මත ඉවසීමෙන් කටයුතු කරනු යැයි ඔවුනට නියෝග කළ අතරම සැබැවින්ම මිනිසුන් තම පරමාධිපති හමුවන තෙක් ඔහුගෙන් පසුව ඔහුට වඩා දරුණු කාලයක් මිස වෙනත් කාලයක් ඔවුනට පැමිණෙන්නේ නැත යැයි ද සැබැවින්ම එය තමන අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් අසා ඇත්තෙමි යැයි ද ඔවුනට දන්වා සිටියේය. නපුර යනු පොදු සාමාන්යය නපුරක් නොවන්නේ ය. නමුත් ඇතැම් තැන්වලදී නපුරක් වන නමුත් වෙනත් තැන්වලදී යහපතක් වනු ඇත.