නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව මෙසේ ප්‍රකාශ කරයි. "සැබැවින්ම මෘදුභාවය යනු, එය යම් කරුණක අලංකාරය වැඩි කරනු මිස නැත. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්දාව මිස නැත." صحيح - رواه مسلم
explain-icon

විවරණය

වචනයෙන් සහ ක්‍රියාවෙන් සිදුවන කරුණාව, ලිහිල් බව, මෛත්‍රීය හා මෘදු බව කටයුතුවල සුන්දරත්වය පරිපූර්ණත්වය සහ යහපැවැත්ම වර්ධනය කරනු ඇත. එමෙන්ම අදාළ තැනැත්තා ඔහුගේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීමට වඩාත් හොඳය. කරුණාව නොමැතිකම කටයුතු අපකීර්තියට පත් කර, ඒවා අශෝභන බවට පත් කරයි. අදාළ තැනැත්තාට ඔහුගේ අවශ්‍යතාවය අවබෝධ කර ගැනීමෙන් වළක්වයි. ඔහු එය අවබෝධ කර ගන්නේ නම්, එය අවබෝධ කර ගනුයේ දුෂ්කරතාවයෙනි.

explain-icon

හදීසයේ හරය

  • කරුණාවෙන් හා මෛත්‍රියෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
  • කරුණාව පුද්ගලයකු සුන්දරත්වයට පත් කරයි. ආගමික හා ලෞකික කටයුතුවලදී සෑම යහපත් ක්‍රියාවකටම එය සාධක වේ.