මිනිසෙක් තම සොහොයුරාට ඕනෑවට වඩා ලැජ්ජාශීලී වීම අත්හැර දමන මෙන් අවවාද කරන අයුරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ඇසුණි. එවිට එතුමාණෝ ඔහුට: සැබැවින්ම ලැජ්ජාව යනු විශ්වාසයේ කොටසක් බවත් එය යහපත හැර වෙනත් කිසිවක් රැගෙන නො එන බවත් පැහැදිලි කළහ. ලැජ්ජාව යනු අලංකාර ක්‍රියාවන් මත රැඳෙන, අශීලාචාර දෑ මඟ හරවන ගුණාංගයකි.