නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

"කවරෙකු කාරුණිකත්වය තහනම් කර ගන්නේ ද, මෙලොව හා මතුලොව කටයුතු වලදී ද, තමා වෙනුවෙන් වන කටයුතුවල දී ද, ඔහු වෙනත් අය සමග කරන කටයුතුවල දී ද ඔහු ආශිර්වාද නො ලබනු ඇත. එබැවින් ඔහු සියලු යහපත අහිමි කර ගනී." යැයි නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණන් දැන්වුහ.

explain-icon

හදීසයේ හරය

  • කාරුණිකත්වය හා මෘදු භාවයේ මහිමය. එය පුරුද්දක් කර ගැනීම සඳහා දිරි ගැන්වීම හා ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම.
  • කරුණාව යනු දෙලොවෙහිම යහපැවැත්ම සහ ඒ දෙකෙහි කටයුතු පුළුල් කිරීම සහතික කරන්නක් වන අතර ප්‍රචණ්ඩත්වය එහි ප්‍රතිවිරුද්ධයයි.
  • යහපත් ගතිගුණ හා තැන්පත්භාවය නිසාවෙන් කාරුණිකත්වය (මෘදුභාවය) බිහිවන අතර, කෝපය හා රළුභාවය නිසාවෙන් ප්‍රචණ්ඩත්වය බිහිවනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණාව (මෘදුභාවය) අගය කරමින් එය අතිශයෝක්තියට නංවා පවසා ඇත්තේ එබැවිනි.
  • සුෆ්යාන් අස්-සව්රි තුමා තම සහගාමීන්ට මෙසේ පවසා සිටියේය: "මෘදුකම යනු කුමක් දැයි ඔබ දන්නෙහු ද? එනම්, ඒ ඒ කටයුතු ඒවාට අදාළ ස්ථානයන්හි තැබීමය. දරුණුකම් එයට අදාළ ස්ථානයේ ද, මෘදුකම එයට අදාළ ස්ථානයේ ද, අසිපත එයට අදාළ ස්ථානයේ ද කසය එයට අදාළ ස්ථානයේ ද නියම කිරීම ය.
explain-icon

අමතර