නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. සැබැවින්ම අල්ලාහ් ඉස්ලාමය සඳහා උපමාවක් ලෙස කිසිදු ඇදයක් නැති දිගු, ඍජු මාර්ගයක් ඉදිරිපත් කළේය. එම මාර්ගයේ දෙපස බිත්ති දෙකකි. එසේ නැතිනම් තාප්ප දෙකකි ඒ දෙක, පැත්තේ ඇති දෑ ඒ දෙක ආවරණය කරති. ඒ දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. මෙම බිත්ති දෙක විවෘත දොරටුවලින් බැඳි පවතී. ඒවා අල්ලාහ් තහනම් කළ දෑය. එම දොරටු මත තිර වෙති. එහි ඇතුළේ සිටින අය ගැන එම මාර්ගයේ ගමන් කරන්නන්ට දිස් නොවේ. මාර්ගය ආරම්භයේ ඇරයුම් කරන්නෙකු සිට ජනයා දෙසට හැරී ඔවුනට මඟ පෙන්වමින් මෙසේ පවසයි. "ඒ මත ඔබ සැවොම ගමන් කරන්න. එහි අයින් හා කෙළවරවල් වෙත නැඹුරු නොවනු." එසේ ඇරයුම් කරන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. එහි තවත් ඇරයුම් කරන්නෙක් එම මාර්ගය ඉහළින් සිටියි. එම ඇරයුම්කරු එම මාර්ගයේ ගමන් කරන්නා එම දොරටු තිරවලින් යම් ප්‍රමාණයක් විවෘත කරන්නට තැත් කළ සෑම විටකම, "ඔබට විනාශයම වේවා ඔබ එය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කරන්නෙහි නම්, එහි ඔබ පිවිසෙනු ඇත. පිවිසීමෙන් ඔබව ඔබටම පාලනය කිරීමට නොහැකි වනු ඇත." එම ඇරයුම් කරු සෑම මුස්ලිම්වරයකුගේ හදවත තුළ සිටින අල්ලාහ්ගේ උපදෙස් කරුය.