"අමතර උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු: "එසේය" යැයි පැවසූහ. එතුමාණන් මෙසේ පැවසීය: මිනිසුන් අතර ගැටුම්, බෙදීම්, විරසකවීම්, වෛරය සහ ද්‍රෝහිකම් ඇති කරන ආරවුල් පවතින්නේ නම්, එවන් පාර් ශවයන් අතර සංහිඳියාව ඇති කිරීම ය. මන්ද ඔවුන් අතර සබඳතා දූෂිත වීමෙන් ඇතිවන වෛරය දැලි පිහියෙන් රෝම ඉවත් කරන්නාක් සේ ආගම සහ ලෝකය විනාශ කර මුලිනුපුටා දැමිය හැකි කරුණකි.