කාන්තාරයේ විසූ ගැමි අරාබි මිනිසකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසන් හෝරාව ක්‍රියාත්මක වන වේලාව ගැන විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ ඔහුගෙන්: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘යි විමසා සිටියහ. විමසා සිටි එම තැනැත්තා: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර ලොකුවට වෙනත් කිසිවක් මා සූදානම් කර නැත' යැයි පවසා සිටියේය. ඒ හැර ඔහු සිත, ශරීරය හා මුදල් හා බැඳුණු වෙනත් කිසිදු නැමදුමක් සඳහන් කළේ නැත. හේතුව ඒ සියල්ල ආදරය මත පෙළ ගැසුණු එහි ශාඛාවන් පමණක් වන බැවිනි. එමෙන්ම සැබෑ ආදරය දැහැමි ක්‍රියාවන්හි නිරත වීමට දිරිමත් කරන බැවිනි. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “සැබැවින්ම ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ ස්වර්ගයේ සිටිනු ඇත" යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ මෙම ශුභාරංචිය තුළින් එතුමාණන්ගේ අනුගාමිකයෝ ඉමහත් සේ සතුටු වූහ. පසුව අනස් තුමා, තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරන බවත් ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව තමන් ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් සමග සිටීමට තමන් ප්‍රිය කරන බවත් දන්වා සිටියේය.