සැබැවින්ම හොඳින් අල් කුර්ආනය කටපාඩම් කර එය ප්‍රගුණ කරගත්, එය ඉතා දක්ෂ හා මනා ලෙස පාරායනය කරන අය වනාහි, ඔහුට මතුලොවෙහි කුසල් හිමිය. එය ඔහුගේ නිලය යහපත් උතුම් දේව දූතයින් සමග වීමෙනි. එමෙන්ම අල්-කුර්ආනය ධාරණය කිරීමේ දුර්වලතාවය නිසා එය හදාරමින් සිටිය දී අසීරුවෙන් හා අමාරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය. එනම් අල් කුර්ආනය කියවීම සඳහා හිමිවන කුසල හා ඔහු කියවීමේ දී තටම තටමා අසීරුවෙන් කියවීම සඳහා වන කුසලයි.