කරුණු හතරක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. පළමුවැන්න: කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් යෑමෙන් වැළකී සිටිය යුතුය. මහ්රම් යනු පුතා, පියා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, මාමා, බාප්පා හා ලොකු තාත්තා වැනි සමීප ඥාතීන් අතර ඥාතී වීමෙන් කවදත් විවාහය තහනම් වන උදවියයි. දෙවැන්න: ඊද් අල්-ෆිත්ර් (හෙවත් නොම්බි උත්සව දින) සහ ඊද් අල්-අළ්හා (හෙවත් හජ් උත්සව දින) උපවාසයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. ඒ දෙකෙහි මුස්ලිම්වරයකුට භාරය ඉටුකිරීමේ උපවාසයක් හෝ අමතර උපවාසක් හෝ ප්‍රතිකර්මික උපවාසයක් ඉටු කිරීම ද තහනම්භාවය එක සමානය. තුන්වැන්න: සුබ්හු සලාතයෙන් පසු හිරු උදාවන තුරු හා අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු අමතර සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතුය. සිව්වැන්න: මෙම දේවස්ථාන තුන වෙත හැර යම් ස්ථානයකට එහි උසස් භාවයක් ඇති බව විශ්වාස කරමින් හා කුසල් ගුණවන බව විශ්වාස කරමින් වන්දනාවේ යෑමෙන් වැළකී සිටිය යුතුය. ඒ හැර විශේෂ කොට සළකා වෙනත් ස්ථානවලට සලාතය ඉටු කරනු වස් එසේ වන්දනාවේ නොයා යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මාගේ මස්ජිදය (දේවස්ථානය) යන මෙම දේවස්ථාන තුනෙහි හැර වෙනත් කවර දේවස්ථානයක හෝ වේවා කුසල් ගුණ වන්නේ නැත.