පිටස්තර කාන්තාවන් සමග මිශ්‍ර වී එකට කටයුතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එතුමාණෝ: "කාන්තාවන් අතරට ඔබ පිවිසීම හා ඔබ අතරට කාන්තාවන් පිවිසීම ගැන ඔබ ප්‍රවේසම් වන්න" යැයි පැවසූහ. එවිට අන්සාරි පුද්ගලයකු: සැමියාගේ නෑයන් වන සැමියාගේ සහෝදරයා, ඔහුගේ සහෝදරයාගේ පුතා, ඔහුගේ මාමා හෝ ඔහුගේ මාමාගේ පුතුන්, ඔහුගේ සහෝදරියගේ පුතා වැනි විවාහ නොවු අය ඇයට විවාහ කරදීමට අනුමැතිය ඇති උදවිය ගැන ඔබේ අදහස කුමක්දැ?යි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ: "මරණය ගැන ප්‍රවේසම් වන්නාක් මෙන් ඔහු ගැන ද ඔබ ප්‍රවේසම් වන්න. එවැනි අය සමග තනිවීම දහම තුළ අර්බුද හා විනාශය ගොඩ නැගෙන්නට ඉඩ සලසනු ඇත. සැමියාගේ පියා හා ඔහුගේ දරුවන් හැර සැමියාගේ සෙසු ඥාතීන් විවාහ වීමේ හැකියාව ඇති බැවින් ඔවුන්ගෙන් වැළකී සිටීම වඩාත් උචිත ය. සැමියාගේ සමීප ඥාතීන් සමග තනිවීමේ අවස්ථා සෙසු අය සමග තනිවීමේ අවස්ථාවන්ට වඩා අධිකය. ඔවුන්ගෙන් ඇති වන හානිය සෙසු අයගෙන් ඇතිවන හානියට වඩා අධිකය. අර්බුද ඇතිවීමේ හැකියාව වැඩිය. ඊට හේතුව කිසිදු විරෝධයකින් තොරව ඔහුට එම කාන්තාව වෙත ළඟා වීමටත් ඇය සමඟ තනිවීමටත් ඉඩ අවස්ථා ලැබෙන බැවිනි. ඇයගෙන් එය වළක්වා ගත නොහැකි වේ. එහි දී නොසැලකිලිමත්භාවයෙන් යුතුව එසේ හුරු වීමෙන් මිනිසා තම සහෝදරයාගේ බිරිඳ සමඟ තනිව සිටින්නට ඉඩ සැළසෙයි. ඔහු මහරම් නොවන මිනිසා මෙන් නොව, ඔහු විසින් සිදුවන අශීලාචාරය හා දූෂණය අනුව ඔහු මරණයට සමාන වන්නේය. එහෙයින් සැබැවින්ම ඔහු ඉන් වැළකී සිටිය යුතු ය."