ස්වාමි පුරුෂයා තම බිරියට අපරාධ කරන තරමට, ඇය ව අත්හැර දමන තරමට, ඇය ව ප්‍රතික්ෂේප කරන තරමට ඇය ගැන ක්‍රෝධය ඇති කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. අසම්පූර්ණභාවය මිනිසාගේ සහජ ගතියකි. ඇගෙන් යම් නපුරු ගති ගුණයක් ඔහු පිළිකුල් කළ ද ඇය තුළ ඇති තවත් යහපත් ගුණයක් ඔහු දකිනු ඇත. එබැවින් ඔහුට අනුගත වන යහපත ඇගෙන් ඔහු පිළිගත යුතුය. ඉවසා දරා ගත හැකි, ඇගෙන් වෙන්වන තරමට, ඇයව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැති නපුරු ගුණාංග අතරින් ඔහු පිළි නොගන්නා නපුරු ගුණාංගයක් ඇය මත වී නම් ඒ කෙරෙහි ඔහු ඉවසා සිටිය යුතුය.