කාන්තාවක් ඇගේ භාරකරුවන්ගේ අනුමැතියෙන් තොරව විවාහ වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඇගේ විවාහය වලංගු වන්නේ නැත. මෙය එතුමාණෝ තුන්වරක් පවසා සිටියහ. එය සිදු නොවිය යුත්තක් විය. ඇගේ භාරකරුගේ අවසරයෙන් තොරව විවාහ කරගත් අයකු ඇය සමග පහස විඳ තිබේ නම්, ඇගේ යෝනි මාර්ගය හරහා සංසර්ගයේ නිරත වීම හේතුවෙන් මුළු මහර් ප්‍රමාණයම ඇය සතු විය යුතුය. විවාහ ගිවිසුමේ භාරකාරත්වය ගැන සම භාරකරුවන් අතර ගැටලු ඇති වී නම්, ඇගේ යහපත නිරීක්ෂණය කරමින් ඔවුන් අතරින් පෙරටුගාමියකු හට ගිවිසුමේ වගකීම පැවරේ. එසේ භාරකරු ඇයව විවාහ කර දීමෙන් වැළකී සිටියේ නම්, ඇය භාරකරුවකු නොමැති තැනැත්තියක් මෙනි. එවිට පාලකයා හෝ කාදිවරයා හෝ ඔවුන් මෙන් කටයුතු භාරව කටයුතු කරන්නකු ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. මෙවැනි තත්ත්වයක් නොවී නම්, භාරකරුවකු සිටිය දී පාලකයාට ඇයගේ භාරකරුවකු විය නො හැක.