විවාහ ගිවිසුම යනු තියුණු ගිවිසුමකි. කාන්තාවක් වඩාත් ආරාක්ෂාව ලබන සහකාරයකු එමගින් අනුමත කර ගනී. ඔහු ඇයගේ සැමියාය. මෙම ගිවිසුම මගින් තම සැමියා අබියස ඇය කොටු වන්නීය. එබැවින් මහා කාරුණික, ප්රඥාවන්ත, සාධාරණනීය, නීති සම්පාදකයාණන් ඇයගේ ජීවිතයේ සුදුසු සහකරුවෙක් තෝරා ගැනීමටත් ඇය දෑසින් බලා ඔහුව තෝරා ගැනීමටත් අනුමැතිය දුන්නේය. ඔහු සමග ජීවත් වීමට කැමත්ත පළ කර යුත්තේ ඇයයි. ඇයගේ කැමැත්ත හා නැඹුරුව වඩාත් හොදින් දන්නා ඇයමය. එබැවින් කාන්තාවක්, ඇයව විවාහ කර දීම සඳහා ඇයගේ නියෝගය පතා ඇය නියෝග කරන තෙක් විවාහ කර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේ එබැවිණි. එමෙන්ම කන්යාවියක් පවා, ඒ සඳහා ඇයගෙන් අවසරය පතා ඇය අවසර දෙන තෙක් විවාහ කර දීම ද තහනම් කළහ. බොහෝ විට කන්යාවියන් ලැජ්ජාසහගත වන බැවින් වඩාත් සැහැල්ලු දෙයකින් ඇයගේ කැමැත්ත ප්රකාශ කිරීම ප්රමාණවත් වන්නේය. එය ඇය පිළිගත් බවට ඇයගේ නිහඬතාව සාධකයක් කර ගැනීමට ප්රමාණවත් වනවාක් මෙන් ඇයගේ අනුමැතිය පිහිටීමය.