සැබැවින්ම කවරෙකු රාත්රියේ අවදි වී, සලාතය ඉටු කර, සලාතය සඳහා තම බිරිය ද අවදි කරවා ඇයද තද නින්දට වැටී මැලිකමින් අවදි නොවන විට, ඇයගේ මුහුණට ජලය සුළුවෙන් ඉසින්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සකු වන්නේය. එසේ බිරියක් තම සැමියා සමග කටයුතු කළ ද අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සියක් වන්නීය යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය.