ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා අතා ඉබ්නු අබී රබාහ් තුමාට: “මම ඔබට ස්වර්ගයේ වැසියන්ගෙන් කාන්තාවක් පෙන්වන්නද?” යැයි විමසා සිටියේය. අතා තුමා: ‘එසේය.’ යැයි පැවසීය. එතුමා: මෙසේ කීවේය: “මේ කළු කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය: 'මට රෝගයක් වැළඳී ඇත. ඒ හේතුවෙන් මම අපස්මාරයෙන් පෙළෙමි. එවිට මම නිරාවරණය වෙමි. මා නොදැනුවත්වම මගේ ශරීරයේ කොටස් හෙළි වන්නේය. ඔබ මට සුවය පතා මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින්න.’ එතුමාණෝ ඇයට මෙසේ කීහ: "ඔබ කැමති නම්, ඉවසිලිවන්ත වන්න. එවිට ඔබට ස්වර්ගය හිමි වනු ඇත. ඔබ කැමති නම්, ඔබව සුව කරන ලෙස මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි.’* ඇය මෙසේ පැවසුවාය: ‘මම ඉවසිලිවන්තව සිටිමි.’ පසුව ඇය මෙසේ පැවසුවාය: 'මා නිරාවරණය නොවන්නට අල්ලාහ්ගෙන් ඔබ අයැද සිටින්න.’ පසුව එතුමාණෝ ඇය වෙනුවෙන් අයැද සිටියහ.