සැබැවින්ම දෙවියන් විශ්වාස කරන්නාට ඔහු තුළ හෝ ඔහුගේ ධනය තුළ හෝ ඒ හැර වෙනත් කරුණු තුළ හෝ යම් පරීක්ෂාවක් ඇති වන බව මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා සිටියි. ඔහු ඉවසීමෙන් කටයුතු කළ විට එම පරීක්ෂාවන් සඳහා අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමනු ඇත. පරීක්ෂණ වැඩි වී ඒවායෙහි අනතුරුභාවයත් වැඩි වන සෑම අවස්ථාවකම අල්ලාහ්ගෙන් වූ තිළිණ ද මහත් වන්නේය. පසුව සැබැවින්ම පරීක්ෂණ වනාහි දෙවියන් විශ්වාස කරන්නා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආදරයේ සළකුණක් යැයි ද සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැහැදි කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය කිසිදු සැකයක් නැති විවෘත කරුණු දෙකකි. නමුත් කවරෙකු ඉවසා පිළිගන්නේ ද ඔහු ඒ ගැන තෘප්තිමත් වූ බැවින් සැබැවින්ම අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමන අතර තිළිණයෙන් ඔහුට එය ප්රමාණවත් වේ. කවරෙකු කෝප වී අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය පිළිකුල් කළේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වන අතර දඬුවමින් ඔහුට එය ප්ර්මාණවත් වේ.