නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්සව දිනයේ සලාත් ඉටු කරන ස්ථානයට පිටත්ව ගියහ. එතුමාණෝ කාන්තාවන් හට වෙනමම දේශනාවක් කරන බවට පොරොන්දු දී තිබුණි. ඒ අනුව එදින එතුමාණෝ එය ඉටු කරමින් මෙසේ පැවසූහ: අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වන්න. ඒ දෙක පාපයන් මැකී යාමට වඩාත් බලවත් කරුණු දෙකකි. සැබැවින්ම අල් ඉස්රා ගමනෙහි අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දැක්කෙමි. එවිට ඔවුන් අතරින් බුද්ධිමත් අභිමානවත් හා දැක්මක් ඇති කාන්තාවක්, 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපා ගින්නේ බහුතරයක් අප වීමට හේතු වූයේ කුමක් දැ?' යි විමසා සිටියාය. එතුමාණෝ ඊට හේතු වූ කරුණු මෙසේ පවසා සිටියහ. "නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය; දොස් නගන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය." පසුව ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විස්තර කළහ. "බුද්ධියෙන් හා ආගමෙන් හීන වූ ඔබ අතරින් නුවණැති, බුද්ධිමත්, අභිමානවත් පුරුෂයකු අබිබවා යා හැකි කිසිවකු මා දැක නැත." ඇය, "අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියාය. එතුමාණෝ මෙසේ පැවසූහ: "බුද්ධියේ හීන භාවය යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියකුගේ සාක්ෂියට සමාන වීමය. එය බුද්ධියේ හීනභාවයයි. දහමෙන් හීන වනුයේ ඔසප් භාවය හේතුවෙන් දින ගණනාවක් සලාත් ඉටු නොකර රමළාන් මාසයේ උපවාසයේ නිරත නොවී සිටින බැවින් එහි දී දැහැමි ක්‍රියාවන්හි සිදුවන අඩුපාඩුවයි. එය ආගමෙන් සිදුවන හීනභාවයයි. නමුත් ඒ සඳහා ඔවුන් දොස් නගනු ලබන්නේ නැත. පාපයට හසු කරනු ලබන්නේ නැත. එය ඇගේ මැවීමේ මුල් ස්වභාවය වන බැවිනි. එමෙන්ම මිනිසා නිර්මාණය කර ඇත්තේ, ඔහුව මවා ඇත්තේ ධනයට ඇලුම් කරන, තම කටයුතුවලදී ඉක්මන්සුළු, අනුවනකම හා වෙනත් අඩුපාඩු සමගය. නමුත් ඔහු එමගින් අර්බුධයට ලක්වීමෙන් පරිස්සම් විය යුතුය."