අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි." صحيح - رواه مسلم
explain-icon

විවරණය

කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොකර මිය ගියේ ද, ඔහු කළ පාපයන් සඳහා දඬුවම් ලැබුව ද ඔහුගේ අවසන් නවාතැන ස්වර්ගය වෙත පිහිටන බවත්, කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ කරමින් සිටිය දී මිය ගියේ ද, ඔහු අපා ගින්නේ සදාතනිකත්වය ලබන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • දේව ඒකීයකරණයේ මහිමය. සැබැවින්ම එය අපා ගින්නේ සදාතනිකත්ව භාවයෙන් මිදීමට හේතුවකි.
  • ස්වර්ග උයන හා අපා ගින්න ගැත්තා වෙත සමීප කරවීම. සැබැවින්ම ඔහු අතර හා ඒ දෙක අතර මරණය හැර වෙනත් කිසිදු බාධකයක් නැත.
  • දේවත්වයට ආදේශ කිරීම සුළුවෙන් වුව ද මහ පරිමාණයෙන් වුව ද ඉන් වැළකී සිටිය යුතුය. හේතුව අපා ගින්නෙන් ආරක්ෂාව ලැබෙනුයේ ඉන් මිදී සිටීමෙන් පමණි.
  • ක්‍රියාවන්හි අවසානය අනුව ඒ අර්ථ ගැන්වේ.
explain-icon

අමතර