මුස්ලිම්වරයෙයෙ සලාතය සාමුහිකව ඉටු කරන විට, ඔහුගේ එම සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ යහපත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පසුව ඒ සඳහා හේතුව ද මෙනෙහි කළහ: ඇත්තෙන්ම මිනිසෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය පූර් ණව හා අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පිටත්ව යයි. සලාතයේ අපේක්ෂාව මිස වෙනත් අපේක්ෂාවක් ඔහුව එසේ පිටත් කර හැරියේ නැත. ඔහු තබන සෑම පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබ ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය අපේක්ෂාවෙන් වාඩි වී සිටියි. එසේ සලාතය අපේක්ෂාවෙන් සිටින තාක්කල් සලාතයේ ප්‍රතිඵල හා කුසල් ඔහු ලබනු ඇත. ඔහු සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරු ඔහුට ප්‍රාර්ථනා කරති. "යා අල්ලාහ්! ඔහුට සමාව දෙනු මැනව; ඔහුට කරුණා කරනු මැනව; ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව;" යැයි ප්‍රාර්ථනා කරමින් සිටිති. එය ඔහුගේ වුළූ ධෝවනය දූෂිත නොවන තාක්කල් හෝ මිනිසුනට හෝ මලක්වරුන්ට පීඩාවන අයුරන් කටයුතු නොකරන තාක්කල් හෝ එසේ ප්‍රාර්ථනා කරමින් සිටිති.