නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා පසුව අපෙන් "මේ පුද්ගලයා අපගේ මේ සලාතයට සහභාගී වූයේ ද? යැයි විමසා සිටියහ. සහාබාවරු 'නැත' යැයි පිළිතුරු දුන්හ. පසුව නැවතත් තවත් පුද්ගලයකු සම්බන්ධයෙන් "මේ පුද්ගලයා සහභාගී වූයේ ද?" යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ ඒ ගැන මෙසේ පැවසූහ. ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා ෆජ්ර් සහ ඉෂා සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඊට හේතුව ඒ දෙක සම්බන්ධයෙන් ඔවුන් තුළ මැලිකම පවතින බැවින් හා අඳුරේදී ඔවුන් නොපෙනෙන නිසාවෙන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව අවම වන බැවිනි. අහෝ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුනි! සුබ්හ් සලාතයේ හා ඉෂා සලාතයේ පවතින ප්‍රතිඵල හා අමතර කුසල් -සැබැවින්ම එහි දුෂ්කරතාවේ ප්‍රමාණයට අනුව කුසල් පවතී.- අඩංගු බව ඔබ දන්නෙහි නම්, අත් හා දණහිස් මත වැටී බඩගා යාමට සිදු වුව ද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම ඉමාම්ට වඩාත් සමීපයෙන් පිහිටන ඔවුන්ගේ පළමු පේළිය අල්ලාහ්ට වඩාත් සමීපයෙන් පිහිටන මලක්වරුන්ගේ පේළිය මෙනි. පළමු පේළියේ ඇති මහිමය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් දන්නේ නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ එක්ව ඉටු කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා කුසලින් හා ප්‍රතිඵලයෙන් අති මහත් ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය එක් මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා උතුම්ය. සලාත් ඉටු කරන ජනයා එහි වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප හා වඩාත් උතුම් වන්නේය.