සලාතයේ දී පේළි අතරින් පිරිමින් සඳහා හොඳම සහ කුසලින් හා භාග්‍යයෙන් අධික පේළිය වනුයේ පළමු පේළියයි. හේතුව එය ඔවුන් ඉමාම්ට සමීපයෙන් සිටින බැවින් ද ඔහුගේ අල් කුර්ආන් පාරායනය ඔවුනට සවන් දිය හැකි බැවින් ද, කාන්තාවන්ගෙන් දුරස් ව සිටින බැවින් ද වේ. ඒ අතරින් නරකම, කුසලින් හා භාග්‍යයෙන් අඩුම සහ ෂරීආව අපේක්ෂා කරන දැයින් දුරස්ම පේළිය අවසාන පේළිය වේ. එමෙන්ම කාන්තාවන් සඳහා පේළි අතරින් හොඳම පේළිය අන්තිම පේළිය වේ. එය ඔවුන් ආවරණය වීමට වඩාත් සුදුසු වන අතරම පිරිමින් සමග මිශ්‍රවීමෙන්, ඔවුන් දැකීමෙන්, ඔවුන්ගෙන් ඇතිවන අර්බූදවලින් ඔවුන් ව දුරස් කරවන බැවිනි. එමෙන්ම නරකම පේළිය පළමු පේළිය වේ. එය පිරිමින්ට සමීපයෙන් පවතින බැවින් හා අර්බූධ ඇති වීමට හේතුවක් වන බැවිනි.